Sunday, July 31, 2011

ජිවිතේ ගැන මම දකින විදිය .........


ජිවිතේ කියන්නේ මේලෝකේ අපි ලියන විභාග  වලින් අමාරුම  විභාගයක් නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේකේ කොතනකදී හරි වැරදුනොත් අඩුවෙන්නේ ලකුණු නෙවෙයි ජීවිතයයි. මම එහෙම කියන්නේ අපිට යම්කිසිතැනක වැරදුනොත් අපිට ජිවිතේ විදින්න තියන අවස්තාවක් අඩුවෙලා විදවන්න තියන අවස්ථාවක් වැඩිවෙන නිසා. අපි කවුරුත් කැමතියි ජිවිතේ ලස්සනට ඉන්න එකියන්නේ ප්‍රශ්න අඩුවෙන් සැහැල්ලුවෙන් ජිවත් වෙන්න . නමුත් මොකද්දෝ හේතුවකට අපි කටත් මොකක් හරි ප්‍රශ්නයක් තියනවා සමහර වෙලාවට ප්‍රශ්න නැති ජිවිතේ හැදිනෝග  හදන හොද්ද වගේ වෙන නිසා ද දන්නේ නැ.  කොහොම උනත් ප්‍රශ්න අඩු ජිවිතේ හොදයි නමුත් ජිවිතෙකට ප්‍රශ්න වැඩිනම් ඒ ජීවිතේට අත්දැකීම් වැඩියි කියල මට හිතෙනවා.. අනික අපිට කාලෙන් කාලෙට එන ප්‍රශ්න ඒ ඒ කලෙත් එක්ක වෙනස්වෙනවා. මම කියන්න අදහස් කලේ අපිට අවුරුදු 15-16 කාලේදී අපු ප්‍රශ්න එකලේදී ලොකු ප්‍රශ්න උනාට ඒවා දැන් ඒවා පොඩි සාමාන්‍ය ප්‍රශ්න දැන් අපිට තියන ප්‍රශ්න තව ඉස්සරහට සාමාන්‍ය පොඩි ප්‍රශ්නයක් වෙනවා.  සමහර වෙලාවට ඔයාලට හිතෙයි මේක විහිළුවක් කියල නමුත් මේකයි ඇත්ත එත් මෙහෙමයි කියල අපි ප්‍රශ්නවලට උත්තර හොයන්නේ නැතුව හිටියොත් හරියන්නෙත් නැ .අපිට පුලුවන්නම් උදේට ඉර පායනකොට වැටෙන අරුණැල්ල වගේ හැම දාම උදේට නැවුම්ව පටන්ගන්න මුලුදවසම සුබ වේවි එහෙම දවස දවස එකතුවෙලා මුළු ජීවිතයක්ම සුබ වෙයි කියලත් මම හිතනවා . කොහොම උනත් අපි ජිවිතේ විදින්න ඕන කවදාවත්ම විදවන්න හිතන්න හොද නැ ...
මම   N N K.........

1 comment:

  1. ජීවිතේ ප්‍රශ්ණ වලදි වැටෙන්නෙ නැතුව ඉන්න පුලුවන්නම් ජීවිතේ විඳින්න පුලුවන්. ඊයෙ මම දන්න මල්ලි කෙනෙක් එයා අදරේ කරන කෙනාගෙ (තවම ඒ නංගිට ඒ ගැන කියලා නෑ) කලින් තිබුන සම්බන්ධයක් ගැන දැනගෙන ඒ නිසා අරක්කු බොන්න හදනවා කිවුවාම මම එයාට කිව්වා "අද ඕකට බිවුවොත් හෙට ඊට වඩා ලොකු ප්‍රශ්ණයක් ආවොත් මොකද කරන්නෙ? හෙට උදේ වෙත්දි ඔයාට දැනෙයි ඕකත් ඔච්චර ලොකු ප්‍රශ්ණයක්ද කියලා." අද ලොකුවට දැනෙන දෙයක් හෙට වෙත්දි ගොඩක් පොඩි දෙයක් වෙන්න පුලුවන්.

    ReplyDelete

හදවතට ශක්තියක් වෙන්න ඔබේ සිතැගි අදහස් මෙහි සනිටුහන් කරන්න....