Sunday, July 31, 2011

කේන්දරේ ..........


ඔය ගොල්ලෝ කවුරුහරි කේන්දරේ විස්වාස කරනවද? එහෙනම් පොඩ්ඩක් මේ ගැන හිතන්න,
ඔයගොල්ලොදන්නව ඇතිනේ  කේන්දරේ හදන්නේ උපන් වෙලාවට අනුව කියල. ඉතින් ලංකාවට සම්මත වෙලාවක් ලැබුනේ කවදද කියල ඔයාල දන්නවා නේ 
ඉතින් තර්කයක් නැ මේක ලියන මගෙත් බලන් ඔබගේත් හරි වෙලාවක් නැ කියල ඔබට තේරෙනවා ඇති. දැන් ඔබ මගෙන් අහවි අපිට තියන කේන්දරේ මොකද්ද කියල ඇත්තටම එකත් කේන්දරයක් තමයි හැබැයි එක හැදුනේ දොස්තර මහත්තය හරි වින්නබුඅම්මා හරි අපි මවු කුසින් බිහිඋන ගමන් කකුල් දෙකෙන් උස්සල පිටට තට්ටු කරද්දී දරුවා පළමු පාරට අඩද්දී එතන ඉන්න හෙදියගේ හරි උපස්තයකයාගේ හරි අතේ තියන ඔරලෝසුවේ වෙලාව තමයි එතකොට අපේ උපන් වෙලාව වෙන්නේ. ඉතින් ඔයාල දන්නවනේ අපි කග කාගේ කාගේ අතේ තියන වෙලාව හරියටම හරි නැ  කියල. ඉතින් පස්සේ අපේ තාත්ත හරි පවුලේ වැඩිහිටියෙක් හරි නැකත් බලන කෙනෙක් ගාවට ගිහින් ඒ වෙලාව දීල තමයි අපේ වෙලාව නැත්තම් කෙන්දෙරේ හැදෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ දන්නවද  එක විනාඩියක් එහාට මෙහාට උනොත් කේන්දරේ තියන හැමදේම වෙනස් වෙනවා කියල. ඉතින් කියන්නේ කොහොමද අපිට තියෙන්නේ හරියටම අපේ වෙලාව කියල . අපි අපේ නොවන කෙන්දරෙකට තවත් රැවටිය යුතුද ... හැබැයි අතීතයේ දරු ප්‍රසුතියක් සිදුවෙන අවස්ථාවල නැකත් කරුවා නිවසට පැමිණ හරියටම කේන්දරේ හදල තියනවලු . කොහොම උනත් නැකත් සත්තරේ කියන්නේ හරිම දියුණු  ගණිත ක්‍රමයක් කොහොම උනත් කල්යනකොට ඕනෑම දෙයක් වෙනස්වීම් වලට භාජනය  වෙනවනේ....... කොහොම උනත් කේන්දර  විස්වාසකරන අය විස්වාස කරන්න නොකරන අයත් එහෙම ඉන්න දැනගැනීමටයි කියන්න හිතුවේ ..
මම  N N K...........

නිශාන්තයේ සිතුවිල්ල nishanthaye sithuwilla: ජිවිතේ ගැන මම දකින විදිය .........

නිශාන්තයේ සිතුවිල්ල nishanthaye sithuwilla: ජිවිතේ ගැන මම දකින විදිය .........

ජිවිතේ ගැන මම දකින විදිය .........


ජිවිතේ කියන්නේ මේලෝකේ අපි ලියන විභාග  වලින් අමාරුම  විභාගයක් නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේකේ කොතනකදී හරි වැරදුනොත් අඩුවෙන්නේ ලකුණු නෙවෙයි ජීවිතයයි. මම එහෙම කියන්නේ අපිට යම්කිසිතැනක වැරදුනොත් අපිට ජිවිතේ විදින්න තියන අවස්තාවක් අඩුවෙලා විදවන්න තියන අවස්ථාවක් වැඩිවෙන නිසා. අපි කවුරුත් කැමතියි ජිවිතේ ලස්සනට ඉන්න එකියන්නේ ප්‍රශ්න අඩුවෙන් සැහැල්ලුවෙන් ජිවත් වෙන්න . නමුත් මොකද්දෝ හේතුවකට අපි කටත් මොකක් හරි ප්‍රශ්නයක් තියනවා සමහර වෙලාවට ප්‍රශ්න නැති ජිවිතේ හැදිනෝග  හදන හොද්ද වගේ වෙන නිසා ද දන්නේ නැ.  කොහොම උනත් ප්‍රශ්න අඩු ජිවිතේ හොදයි නමුත් ජිවිතෙකට ප්‍රශ්න වැඩිනම් ඒ ජීවිතේට අත්දැකීම් වැඩියි කියල මට හිතෙනවා.. අනික අපිට කාලෙන් කාලෙට එන ප්‍රශ්න ඒ ඒ කලෙත් එක්ක වෙනස්වෙනවා. මම කියන්න අදහස් කලේ අපිට අවුරුදු 15-16 කාලේදී අපු ප්‍රශ්න එකලේදී ලොකු ප්‍රශ්න උනාට ඒවා දැන් ඒවා පොඩි සාමාන්‍ය ප්‍රශ්න දැන් අපිට තියන ප්‍රශ්න තව ඉස්සරහට සාමාන්‍ය පොඩි ප්‍රශ්නයක් වෙනවා.  සමහර වෙලාවට ඔයාලට හිතෙයි මේක විහිළුවක් කියල නමුත් මේකයි ඇත්ත එත් මෙහෙමයි කියල අපි ප්‍රශ්නවලට උත්තර හොයන්නේ නැතුව හිටියොත් හරියන්නෙත් නැ .අපිට පුලුවන්නම් උදේට ඉර පායනකොට වැටෙන අරුණැල්ල වගේ හැම දාම උදේට නැවුම්ව පටන්ගන්න මුලුදවසම සුබ වේවි එහෙම දවස දවස එකතුවෙලා මුළු ජීවිතයක්ම සුබ වෙයි කියලත් මම හිතනවා . කොහොම උනත් අපි ජිවිතේ විදින්න ඕන කවදාවත්ම විදවන්න හිතන්න හොද නැ ...
මම   N N K.........

Saturday, July 30, 2011

වහින වැස්ස ...........

පුංචි කලේ වැස්ස වහිනකොට
එලියට පැනල වැස්සේ තෙමිතෙමි අපි නටන කොට 
අම්ම ඇවිල්ල අපිව ගේ ඇතුලට ඇදල ගන්නවා 
ඒ අපි ලෙඩ  වෙයි කියල තියන බයට 
එත්..........
අපි දැනුම් තේරුම් තියන වයසට ආවම 
අපි සාමාජයට ගියාම 
ජීවිතය කියන වැස්සට තෙමෙනකොට 
එකෙන් බේරගන්න කාටවත් බෑ
අපිට ඇතිවන ලෙඩ වලට තනිවම බෙහෙත් හොයා ගන්න වෙනවා  
අපිට තනිවම බේරෙන්න වෙනවා 
ජිවිතේ කියන්නේ එකයි..... ......
මම  N N K..............

Friday, July 29, 2011

ආදරය ...............

ආදරය කියන්නේ අකුරු හතරක් එකතුවී නිර්මාණය වුනු අපුර්ව වචනයක්.. එවචනය තුල තිබෙන්නාවූ අපුර්ව තේරුම අපට නිසිආකාරයෙන් අපට තේරුම් ගන්න තිබෙන්නාවූ එකම තැන තමයි ගෙදර බුදුන් කියල අපි කියන්නාවූ අපෙ අම්මා. මම එහෙම කියන්නේ අයි ලියල ඔයා මගෙන් අහවි එකට මම මෙහෙම උත්තරයක් දෙන්නම්..
ඇගේ ආදරයට කවදාවත්ම සිම්මාවක් තිබුනේ නැහැ .. හැඩය තිබුනේ නැහැ , ලිංගිකත්වයක් තිබුනේ නැහැ .පාටක් වෙනසක් තිබුනේ නෑ. අපිනිසා උහුලපු වේදනා වල සීමාවක් මායිමක් නැ එනිසයි මම කියන්නේ අම්ම කියන්නේ ආදරයේ ප්‍රතිමුර්තිය කියල .. සැබැවින්ම අම්ම කෙනෙක් විතරමයි දන්නේ තව අම්ම කෙනෙක් විදින්නා වූ දුක කොතරම් කියල.. මම මේ කතා කරන්නේ වදපුගමන් දරුවා කුනුකුඩ වලට දාන දරුවන් කක්ලල අවස්ථාවේදීම නැති කරන අම්මලයි කියා ගන්න අම්ම කියන නමටත් කැළලක් ඇතිකරන අය ගැන නෙමෙයි... අම්ම කියල අත්දෙක නළලේ තියල දන ගහල වදින්න පුළුවන් අම්මල ගැනයි...  අම්ම ගැන කතාකරන්න එක පිපිටුවක් විතරක්  නෙමෙයි පිටු ගණනාවක් තිබුනත් මදි එත් තව කතා නොකරම බැරි චරිතයක් තියනවා ඒ තමයි අම්ම මේ දුක් සේරම විදිද්දී අම්මට ශක්තියක් වෙච්ච  තාත්ත තාත්ත ගැන කතා කරනවානම් තමන්ගේ ලේ දහදිය වගුරවල හම්ම්බ කරන මුදල්වලින් තමන්ගේ කුසට ආහාර ගන්නේ නැතිව තමන්ගේ දරුවට කන්න දීලා දරුවා ලෙඩ උනාම රෑ දවල් නිදි නැතුව අවදියෙන් ඉදල තමන් හම්බ කරන හැම සතේම දරුවා වෙනුවෙන් වියදම් කරලා දරුවාගේ දියුණුව හමුවේ සතුටු වෙන අපුර්ව මිනිසෙක්. ඇත්තටම සැබෑ ආදරයට මිට වඩා හොද උදාහරණයක් තියනවද කියල මම දන්නේ නැ .
මම  N N K...........

නිශාන්තයේ සිතුවිල්ල ........

නිශාන්තයේ සිතුවිල්ල යනු 
හුදෙක් ම සමාජයේ සෑම පැත්තක්ම දිහා මද්යස්තව බලන සෑම නරක දෙකම හොදක් දකින බුදුදහම , ආදරය ,යතාර්ථය ,දේශපාලනය හා සමාජයේ කතාකලයුතුයි කියා සිතෙන සෑම අස්සක් මුල්ලක් ගැනම නොබියව කථාකරන්නාවූ බොලෝග එකක් .
ඔබත් එන්න කියා වන්න වැරදි ඇත්නම් කියන්න අපි තර්ක කරමු වැරදි හදුනාගනිමු .. එන්න අද පටන් නිශාන්තයේ සිතුවිල්ල හා එකතුවන්න .....
ඔබට ආයුබෝවන් .......
මම N N K..........