Monday, December 5, 2011

පිළිතුරක් .........

ඇත්තටම එහෙම කියනවා නම් වැරදියි. එත් එහෙම කියන්නත් හේතුවක් තියන්න පුළුවන්. සමහර වෙලාවට girls ලා කවුරු හරි එක්ක යාලු උනාම හරි marry කරට පස්සේ තමන් ගැන හිතන්නේ නැතිකම නිසා වෙනස් වෙනවා මම කිව්වේ රුපෙන්. ඉතින් එහෙම උනාම එපාවෙන වෙලාවල් තියෙන්න පුළුවන්. මොකද කවුරුත් කැමතියි තමන්ගේ පෙම්වතිය නැත්නම් බිරිද ලස්සනට තමන්ට ආදරෙන් ඉන්නවා දකින්න .... කොහොමත් හැමතිස්සෙම නහයෙන් අඩන කාටවත් කවුරුත් කමතිවෙන්නේ නැ ...

ඉහතින් දැක්වෙන්නේ මම එක්තරා බ්ලොග් අඩවියක පළවුණු ලිපියක් වෙනුවෙන් දක්වනු ලැබූ අදහසක්. එම ලිපියේ අන්තර්ගතය සැකෙවින් නම් පෙර තමාට ආදරෙන් ආමන්ත්‍රණය කොට පසුව එපාවුණු ආකාරයෙන් වදයක් යයි ආමන්ත්‍රණය කිරීමයි. මගේ අදහසට එම බ්ලොග් අඩවියෙන් ලැබුණු පිළිතුර පහත දැක් වේ. ( මෙසේ  දැක් වීම හුදෙක් තේරුම් කිරීම පිණිස මිස අපහසු තත්වයකට පත්කිරීමේ අදහසින් නොවන බව සලකන්න....)

@N K K - හෆ්ෆෝයී!!! රූපෙට ආදරේ කරන කොල්ලො, එතකොට ඔය ව්එන අරමුණු වලින් ආදරේ කියලා හිතාගෙන කියන කොල්ලො තමා අන්තිමට ඔහොම කියන්නෙ.
හිහ්හ් ඕකෙන්ම පේන්නෙ.. ඉතින් බැරිවෙලාවත් කෙල්ලට මොකක් හරි දරුණු ලෙඩක් හැදුනොත්, නැත්තම් අනතුරක් ව්උනොත් එහෙම කොල්ලා, කෙල්ලගෙ පෙනුම හොඳ නෑ කියලා එපා කියලා දාලා යයි.. හෆ්ෆෝයි ඒ වගේ අවස්ථාවාදී විදියට හිතන පිරිමි ඕනෙ නෑ...සැබෑ වටම ආදරේ කොල්ලෙක්නම්, තම්න්ගෙ කෙල්ල කොහොම වුනත්, හිත ලස්සනයිනම්, සුවඳනම්, ආදරේ වෙන්නෙ ඒ හිතටයි මනුස්සකමටයි, එහෙම ආදරේ බෝධිසත්ව කුලේ පිරිමිත් එහෙන් මෙහෙන් ඉන්නවා.. බහුතරයක් හැබැයි ඔහොම අවස්ථාවාදී ව්දියට හිතන අය තමා ඉන්නෙ.

පළමුවෙන්ම ඔබ සදහන් කරන පිළිතුර නිවැරදිය. ඒ ඇය අවලස්සන වී ඇත්තේ ලෙඩක් හෝ කුමන හෝ අනතුරක් සිදුවීම නිසානම්.. එහෙත් මා මෙහි අදහස් දක්වා ඇත්තේ සාමාන්‍ය ජිත්යක් පාදක කොට ගෙනය.  මම මෙසේ ඔබෙන් අසන්නම්.. ඔබට පිරිසිදු කමක් නොමැති අයෙකුට ආදරය කල හැකිද ?? නැත්නම් ඔබ ආදරය කරන පුද්ගලයා හදිසියේම ඔහුගේ එදිනෙදා වැඩ කටයුතු ( මුණ සේදීම , රැවුල කැපීම ,කොන්ඩේ කැපීම, පිරිසිදු වස්ත්‍ර ඇදීම, ස්නානය ) නොකරනවා නම් ඔබට ඔහුට ආදරය කල හැකිද ?? ඔහුගේ හිතටවත් ..! සහෝදරිය එසේ කාටවත් කල නොහැකිය. විවාහක අයගේ පවුල් ජීවිතය විනාස වීමට ප්‍රධාන හේතුවක් බවට මෙය පත්ව ඇති මනෝ  වෛද්‍ය වරු හා වෙනත් වෛද්‍ය වරු පිළිගෙන ඇති කතාවකි.. 
ඔබ පවසන අන්දමට ලේදවිමක් නිසා හෝ යම්කිසි අනතුරක් සිදුවීම නිසා අවලස්සන වුනු විට හැර දමායමක් සිදුවෙනවානම් එය වැරදි දෙයකි. විටක එවන් අවස්තවක ඔවුන් අතර ඇති ආදරයද වැඩිවිය හැකි බව මට හැගෙයි.. 
මෙගැනත් සිතන්න
ආදරයක් ඇතිවීමට මුලිකවම බලපාන හේතු සාදකය රුපයයි. ඔබ දැනට කාටහෝ ආදරය කරනවානම් ඔහුගෙන් අසන්න ඔහු ඔබට ආදරය කිරීමට පෙලබුනේ කුමක් නිසාද කියා. නැත්නම් ඔබ ඔබෙන් අසන්න ඔබ ඔහු ගැන සිතීමට පෙලබුනේ කුමක් නිසාද කියල. එය රූපයත් සමග යන ඔහුගේ විශේෂ ගුණක් වෙන්නට පුළුවන්. නිසැකවම අදහස් නම් වෙන්නට නොපුළුවන. සමහර වෙලාවට අදහස් වලට ආදර කරන්නට ගිහින් ආමරුවේ වැටෙන්නා වූ ගැහැනුලමුන් අපට හොයාගැනීමට අපට පුළුවනි... අනික යෝජිත  විවාහයකදී වුවද  මුලින්ම බලන්නා වුකරනවා රුපය බව මතක තබාගන්න.. සැමවිටම සත්‍යට මුහුණ දෙන්න.. 
අදහස් වලට පමණක් ආදරය කරමින් පෙමනිය ජිවිත ගතකල වුන් ගැන මම නම් ආස නැත විටක එය මාගේ නොදැනුවත් කම විය හැකිය...
ඔබද කොල්ලෙකු දිහා බලන්නේ ඔහු ලස්සන නිසාබව මතකයේ තබා ගන්න 
මෙය හුදෙක් තේරුම් කිරීම පිණිස ලියන ලද්දක් බව නැවත නැවතත් සිහිපත් කරමි.. ඔබට අපහසුතාවයක් සිදුවුනිනම් කනගාටුව ප්‍රකාශ කරමි... 

මම Nishan....

No comments:

Post a Comment

හදවතට ශක්තියක් වෙන්න ඔබේ සිතැගි අදහස් මෙහි සනිටුහන් කරන්න....