Monday, September 26, 2011

සද කුමරිය කොහිද....


අහසේ තරු පිරිලා ලස්සනයි 
එත් අමාවක නිසා හද පේන්නවත් නෑ 
හද නැති නිසා තරු වැඩි  පුර පෙන්නවා
එත් හද නැති අඩුව පුරවන්න ඒ එක තරුවකටවත් බෑ

මල් ගහක මල් පිපුනේ නැති උනාම 
ඒ ගහෙන් වැඩක් නෑ 
කෙතක පලදාව නැතිව 
වල් පැල උනාම ඒ කෙතෙන් වැඩක් නෑ 

මහා මුහුද ලස්සන උනාට 
රැලි නැතිනම් ඒ ලස්සන නෑ 
දිය ඇල්ලක් ලස්සන උනාට 
යහමින් වතුර නැත්නම ඒ ලස්සන නෑ 

ජීවිතේට මොන දේ තිබුනත් 
ආදරේ නැත්නම් වැඩක් නෑ 
මම හොයන සද කුමරිය 
මේ සද කුමරුට තාම හමු වෙලා නෑ 


මම  N N K....

Sunday, September 25, 2011

සිහින කුමරිය.......


සොදුරු ඔය සිතට 
පෙම් බදින්නට 
සදක් වැනි ඔය මුහුණ දිහා 
බලාගෙන පද බදින්නට 
නිමක් නැතිව කතා කරන්නට 
තොරක් නොමැති ඔබේ කතා 
ලගින් අසන්නට 
දැගිලි පටලා නිදහසේ 
ඇවිද යන්නට 
කවදාද ඔබ එන්නේ 
සිහිනයේ කුමරියනි 
මගේ ලෝකයට .........
මම  N N K....

Saturday, September 24, 2011

අහම්බෙන් දුටු දෑස.......


සමාවුව මැන මා හට 
මා බැලුම් හෙළුවේ ඔබ දෙස නොවේ 
ඔබට පසුපසින් ඇති මාවත දෙසයි 
ඔබේ දෑස දැක මොහොතක් නතර වුයේ 
ඔබේ දෑස මා දෙස බැලු නිසයි
ඔබ ඔබේ යෙහෙළියට යමක් මා දිහා 
බැලුම් හෙලා පැවසුවා 
ඇය මා දෙස බැලුවේ තම මිතුරියගේ 
සිත මා සොරා ගත්තා යන හැගිමෙන්ද 
ඔබ එතනින් පිට වී ගොස් යලිත් 
මා සිටි තැනට ආවේ අයි දැයි මා 
හරිහැටි නොදනී 
නමුදු ඔබට දෙන්නට හිතක් මා ලග නැතිබව 
මා දනී ....
මට සමාවනු මැන තව වරක්.....
මම N N K...

Friday, September 23, 2011

තාම මට කව්රුත් නෑ


හදවතේ තියන ආදරේ 
කියාගන්න
ජිවිතේ යන්න තියන දුර ගැන 
කතා කරන්නට 
ආදරෙයේ රස මිහිර
විදින්නට 
තනියට ලගින් ඉදන් 
තොරක් නැතුව තෙපලන්නට 
ජීවිතේට ශක්තියක් වෙන්නට 
සමහර අයට උත්තරයක් වෙන්නට 
හැමදාම ලගින් ඉන්න 
තාම මට කව්රුත් නෑ

මම  N N K....

Thursday, September 15, 2011

ඔබට ආදරේ උනත් මම ...


ඔය ඇස් දෙක
ඔය මුහුණ 
ඔය සිනහව 
දකින දකින වාරයක් පාසා 
මට හිතෙන්නේ 
ඔය ඇස් මට කතාකරනවා 
කියලයි 
එත් දෙයියනේ 
මේ සමාජේ හදාගත්ත බෙදීම් නිසා 
කියාගන්න බැරි තරම් ආදරයක් 
හිතේ තිබුනත් 
අහක බලන් ඉන්නේ 
නොලැබෙන බව හොදා කාරවම 
දන්නා නිසා වගේම 
ඔය පුංචි හිතටත් මගේ දෙගුරුන්ගේ 
හිත් වලටත් දුකක් දෙන්න මට බැරි නිසා ......

මම N N K......

Tuesday, September 13, 2011

අහිමි කුසුම ඔබ.......

වහින වැස්ස මට මතක් කළා......


මේ වගේ අනෝරා වැස්සක් එදත් වැටුනා 
ඒ අනෝරා වැස්සට දැනිච්ච සිතල මකාගන්න 
ඔබ මගේ වම් භාහුව තදින් අල්ලාගෙන 
මට තුරුළු උනා මට මතකයි 
එදා ඔබ මුමුණපු පද වැල් අද මට අමතක උනත් 
එදා ඔබ මට කලේ බොරුවක් කියල මම දැනගෙන හිටියනම් 
අද මේ වැස්ස වැටෙන කොට මට දුක හිතෙන එකක් නෑ
එදා ඔබේ හැදෙ ගැස්ම මට දැනුනා 
හැදෙ ගැස්ම  කිව්වෙත් මට ආදරේ කියල 
එත් ඔබ කිව්වේ අපි හොද යාළුවො කියල 
ඔබ හරිද මම හරිද මම දන්නේ නෑ 
එත් ඔබට මම ආදරේ කළා.............
අද ඔබ ඉන්නේ කොහෙද කියල මම දන්නේ නෑ 
නමුත් මට ඕන නම් ඔබව බලන්න පුළුවන් 
එත් මම එහෙම කරන්නේ නෑ 
මගේ හිත පැරෙයි කියන බයට නෙවෙයි 
ඔබගැන ආදරයක් ඇතිවෙයි  කියන බයටත් නෙවෙයි 
මොකද මට පැරෙන්න හිතක් දැන් නැති නිසා
ඔබට යන්න කීවෙත් මම ඒ ඔබ මට ආදරේ නැතිනිසා 
අතීතය මට මතක් වෙලා වද දෙන නිසා
එත් මේ හැම දෙයක් එක්කම ඔබේ මතකය රැදිලා 
ඔබ මට අමතක වෙන එකක් නෑ 
එත් 
ඔබ එපා කියූ කිරුල නැවත ඔබ ඉල්ලුවත් 
මම ඔබට දෙන්නේ නෑ ...

මම  N N K.......